කළුතර බන්ධනාගාරයේ සිට මහා පරිමාණයෙන් මෙහෙය වූ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බණ්ඩාරගම ගම්මන්පිලදීයි.
සැකකරුවන් පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පොලීසිය සඳහන් කළේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 301යි මිලිග්‍රෑම් 580ක් සහ අයිස් මත්ද්‍රවය ග්‍රෑම් 276ක් සමඟ ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක්, විද්‍යුත් තරාදියක්, ස්මාට් ජංගම දුරකථනයක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන මුදලින් රුපියල් එක්ලක්ෂ තිස්එක්දහසක් සිය භාරයට ගත් බවයි.
 
 
