19 September 2025

logo

මුදල් වංචා කළ සැකකාරියකට වැඩ වරදියි



උරුමය ඔප්පු දෙන බව පවසා රුපියල් කෝටි 9කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත සැකකාරිය බකමූණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
 
සැකකාරිය ඉඩම් ඔප්පු 164ක් ලබාදෙන බව පවසා එම මුදල් වංචා කර ඇති බව පොලීසිය සඳහන් කළා. 

(colombotimes.lk)