26 February 2025


තෙල් සංස්ථාවේ සභාපතිගේ BMW රථයට ටෙන්ඩර් කැඳවයි



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට ලබාදුන් BMW වර්ගයේ මෝටර් රථය විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

එම සංස්ථාවේ වර්තමාන සභාපති ජනක රාජකරුණාට ලබාදී තිබූ මෙම මෝටර් රථය ඉන්ධන කාර්යක්ෂමතාව දුර්වල බව පවසමින් ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා එම මෝටර් රථය විකුණා සේවක ප්‍රවාහනය සඳහා භාවිතා කිරීමට වායු සමීකරණය කරන ලද බස් රථ 2ක් මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා.

අදාළ බස් රථ දෙක රුපියල් මිලියන 20 බැගින් මිලදී ගැනීමට නියමිතයි.



(colombotimes.lk)