26 February 2025


හම්බන්තොට වරායේ වැලි සහ රොන් මඩ ඉවත් කිරීමට මෙහෙයුමක්



හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රකාශිත ගැඹුර යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් එහි එකතු වී තිබෙන වැලි සහ රොන් මඩ ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා මාස දෙකක පමණ කාලයක් ගතවන බවයි වාර්තා වන්නේ.

එමඟින් වරායේ නාවික කටයුතුවල සැලකිය යුතු වර්ධනයක් සහ වරාය ගොඩනැගීමේදි සැලසුම් කළ ප්‍රමිතීන්වලට නැවත එළඹීමට හැකි වනවා.

මෙහෙයුම අවසානයේදී නැවතත් මුහුදු ගවේෂණයක් මඟින් වරායේ සම්මත ගැඹුර මීටර් 17ක් බව තහවුරු කර ගැනීමට නියමිතයි.

(colombotimes.lk)