රාගම දෙස සිට කඳාන දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ ගමන් කළ පදික කාන්තාවන් දෙදෙනෙක්ගේ ගැටී ඊයේ (25) අනතුරක් සිදුවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කඳාන පොලිස් වසමේ පේරලන්ද ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
එහිදී බරපතල තුවාල ලැබූ එක් පදික කාන්තාවක් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
අනෙක් පදික කාන්තාව සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට සම්බන්ධ වයස අවුරුදු 35ක් වන ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)