සත්ත්ව ආහාර සඳහා නිකුත් කළ කිරිපිටි යොදා ගනිමින් ව්‍යාජ තොරතුරු සඳහන් කර මනුෂ්‍ය පරිභෝජනයට නැවත ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ගලයෙක්ට මාස 04ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 10,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
ඒ කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවරූ නඩුවකට අදාළව මෙම නඩු තීන්දුව ලබා දී තිබෙනවා.
(colombotimes.lk)