දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් කැලිප්සෝ දුම්රියේ දෛනික ආදායම රුපියල් ලක්ෂ 8ත් 10ත් අතර පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම දුම්රිය දිනපතා බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා ධාවනය වන බවයි.
එහිදී දෙමෝදර පාලම සහ ඇල්ල ආරුක්කු නවය පාලම අසලදී දුම්රිය මිනිත්තු 10 බැඟින් නතර කර සංචාරකයන්ට එම ස්ථාන නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ පසුගිය 17වනදා කැලිප්සෝ දුම්රියේ ආදායම රුපියල් ලක්ෂ 10 ඉක්ම වූ බවයි.
(colombotimes.lk)