අටවන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව ලබා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රොසොෆ්ට් සමාගම අතර ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී අදාළ ගිවිසුමට අත්සන් තැබූ බවයි.
දිස්ත්‍රික් 20ක් අතරින් තෝරාගත් පාසල් 20ක අට ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
(colombotimes.lk)