04 March 2025


ASAHI නෞකාව දිවයිනෙන් පිටත්ව යයි



පසුගිය පළමු වනදා ශ්‍රී ලංකාවට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ASAHI නෞකාව අද (03) දිවයිනෙන් පිටතව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ නාවික සම්ප්‍රදායන්ට අනුව කොළඹ වරායේදී පිටත්ව යන නෞකාවට සම්ප්‍රදායිකව සමුදුන් බවයි.

මේ අතර නෞකාවේ අණදෙන නිලධාරී කමාන්ඩර් ෂෝටා ටකාෂිරෝ බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා හමුවී තිබෙනවා.

 
(colombotimes.lk)