04 March 2025


පොතුවිල් සිට පානම දක්වා මාර්ගය ජලයෙන් යටවෙයි



පවතින වර්ෂාවත් සමඟ හැඩඔය පිටාර ගැලීම හේතුවෙන් පොතුවිල් සිට පානම දක්වා මාර්ගයේ පහත් ස්ථාන ජලයෙන් යට වී තිබෙනවා.

ඒ අනුව එහි පොදු ගමනාගමනය බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

පොතුවිල් පොලිස් ස්ථානයේ හා අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් මේ සඳහා බර වාහන යොදා ගනිමින් ප්‍රවාහන කටයුතු කිරීමට කටයුතු කර තිබෙනවා.
 

(colombotimes.lk)