04 March 2025


පාසල් දරුවන් මගහැර ධාවනය කරන ලංගම බස් රථ රියදුරන්ට රතු එළියක්



පාසල් දරුවන් සහ ශ්‍රී ලංගම වාර ප්‍රවේශපත්‍ර ඇති පුරවැසියන් මගහැර ධාවනය කරන ශ්‍රීලංගම බස් රථ රියදුරන් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයි.

එහිදී පාසැල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම්දෙන ලෙස අමාත්‍ය බිමල් රත්නායක දැනුම්දී තිබෙනවා.

මෙවැනි අකටයුතු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන වන බවත් මේ පිළිබඳව ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)