ඉන්ධන ඇණවුම් නොකිරීමට තෙල් බෙදුම්කරුවන් ගත් තීරණය අද (03) පස්වරුවේ සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
මේ අතර ඉන්ධන බෙදුම්කරුවන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ තීරණාත්මක සාකච්ඡාවක් හෙට (04) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්ධනායක සඳහන් කළේ එම සාකච්ඡාවේදී තම ගැටලුවලට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම තීරණය ගත් බවයි.
(colombotimes.lk)