04 March 2025


අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට AI විසඳුමක්



වන අලි දුම්රියේ ගැටීම් වැළැක්වීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද නව උපකරණයක් ස්ථාපනය කිරීමට නියමිතව තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ මෙය මාර්තු මාසයේ මුල් සති දෙක තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ස්ථාපනය කරන බවයි.

මීටර් 500ක් පමණ දුරින් දුම්රිය මාර්ගයේ වන අලියෙක් සිටියත් දුම්රිය රියදුරුට දැනුම්දීමට මෙම උපකරණයට හැකියාව ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)