ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාවේදී දිවයින පුරා නිවාස සහ රථ වාහනවල බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා.
ඒ ශ්‍රී දළදා තේවාව භාර අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ විසින්.
වසර 16කට පසු පැවැත්වීමට නියමිත මෙම දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18වනදා ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව මෙය ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී අප්‍රේල් 27වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)