 
                        2024 Abu Dhabi T10 තරගාවලියේ New York Strikers කණ්ඩායම සහ Northe  Warriors කණ්ඩායම අතර තරග ඊයේ (28) පැවැත්වුණා. 
එම තරගයේ පළමුවට පන්දුවට පහර දුන් New York Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී 111ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා. 
කෙසේ වෙතත් එම ඉලක්කය හඹා ගිය Northe  Warriors කණ්ඩායම පන්දුවාර 8ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී තරගය ජයගත්තා. 
එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 27කින් නොදැවී ලකුණු 74ක් රැස් කිරීමට සමත්වුණා. 
ඔහු සිය අර්ධ ශතකය වාර්තා කිරීම සඳහා වැය කළේ පන්දු 15ක් පමණක් වන අතර එය වාර්තා වුණේ මෙවර තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයක් ලෙසයි.
(colombotimes.lk)
 
 

