25 January 2026

logo

මෝටර් රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටෙහි ගැටීමෙන් අනතුරක්



මෝටර් රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටෙහි ගැටීමෙන් පෙරළී ගොස් අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමිටර් 86.6 කණුව ආසන්නයේදීයි.

එම අනතුරින් මෝටර් රථයේ රියැදුරු සහ එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ප්‍රතිකාර ලබමින් සිටියදී එක් කාන්තාවක් මියගොස් තිබෙනවා.

මියගිය කාන්තාව වයස වුරුදු 52ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

(colombotimes.lk)