ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්වයාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් වෙනුවෙන් වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා.
ඒ ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ප්‍රවාහන හා මාහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහායි.
එලෙස පත් කළ වැඩබලන අමාත්‍යවරුන් පහතින්,
ඩිජිටල් ආර්ථික වැඩබලන ආමාත්‍ය - ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න
ආරක්ෂක වැඩබලන අමාත්‍ය - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර
මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍ය - කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය - විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර
ප්‍රවාහන හා මාහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා වැඩබලන අමාත්‍ය - ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන
(colombotimes.lk)