05 February 2025


නාමල් රාජපක්ෂට නොතීසි



රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසා ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළ බවට චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම නොතීසි නිකුත් කරන ලෙස නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)