සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට රුපියල් මිලියන 250ක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බී. රත්නායකට අද (05) අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
ගල්කිස්ස දිසා අධිකරණය අද එම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ රූපවාහිනී සාකච්ඡාවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකදීයි.
(colombotimes.lk)