05 February 2025


අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පත් කරයි



අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්‌තමේන්තුවේ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කළ ටී. ජෝන් ක්වින්ටන්ස් පසුගිය පළමු වනදා සිට විශ්‍රාම ලබා තිබෙනවා.

ඒ අනුව එම තනතුර සඳහා මේ වන විට අතිරේක අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරන අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ඩී. ඒ. සුභාෂිණි දෙමටගොඩ පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාව එලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

(colombotimes.lk)