05 February 2025


කොළඹ කොටස් වෙළඳපොළේ දැවැන්ත වෙනසක්



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (05) සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 16,456.10ක් ලෙසයි.

එය පසුගිය 3වනදාට සාපේක්ෂව ඒකක 500.39කින් පහළ යාමක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 6.3ක් ලෙස සටහන් වී තිබෙනවා.



(colombotimes.lk)