පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ පරීක්ෂණ කමිටු වාර්තාව පිළිනොගන්නා බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කළා.
ඒ අද (05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ ඉමාම් කමිටු වාර්තාවේ අන්තර්ගතව ඇත්තේ පිල්ලෙයාන් සහ සුරේෂ් සලෙයි යන අයගේ කටඋත්තර සහ සාක්ෂි සටහන් පමණක් බවයි.
නමුත් ඊට අසාද් මවුලානාගේ කිසිදු සාක්ෂි විමසීමක කටඋත්තර ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක් සිදුවී නොමැති බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කළා.
උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ වෙනත් පුද්ගලයන්ගේ කටඋත්තර පමණක් සටහන්කර ගැනීම හේතුවෙන් ඉමාම් කමිටු වාර්තාව පිළිනොගන්නා බවයි.
(colombotimes.lk)