ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත්වීමට Adani Green Energy Ltd තීරණය කර තිබෙනවා.
ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් මේ වන විට ලබාගෙන තිබියදීත් මෙතෙක් විසඳීමට නොහැකි වූ පාරිසරික නිෂ්කාෂණයන් සහ දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් උපුටා දක්වමින් මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ.
Adani Green Energy Ltd සමාගම මේ පිළිබඳව මේ වන විට ලංකා ආයෝජන මණ්ඩලය වෙත දැනුම්දී තිබෙනවා.
ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙය 'ගෞරවාන්විත ලෙස ඉවත්වීමක්' බවත් ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගත ව්‍යාපෘති වෙනුවෙන් තම සමාගම විවෘතව පවතින බවයි.
(colombotimes.lk)