27 November 2025

logo

උසස් පෙළ විභාගය දින 03ක් කල් යයි - විකල්ප දිනයන් මෙන්න



සෙරසුරාද දිනයේද  (29) අ.පො.ස උසස් පෙළ විභාගය නොපවැත්වෙන බව දැනුම්දී තිබෙනවා. 

ඒ අනුව අද (27) හෙට (28) සහ අනිද්දා (29) යන දිනයන් වල පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයන් නොපවැත්වෙන බවයි වාර්තා වන්නේ. 

උසස් පෙළ විභාගය සඳහා විකල්ප දිනයන් ලෙස දෙසැම්බර් මස 07, 08 සහ 09 ලබාදී තිබෙනවා.
 
ඒ අනුව අද පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 07වනදාත් හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 08වනදාත් සහ සෙනසුරාදා (29) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 09වනදාත් පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)