මෙවර උසස් පෙළ විභාගය සඳහා පැවැත්වෙන සියලුම උපකාරක පන්ති අද (04) මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසනවා.
ඇය කියා සිටියේ මේ යටතේ උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ සම්මන්ත්‍රණ පැවැත්වීම, දේශන සහ වැඩමුළු පැවැත්වීම සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ඇතුළු විභාගය සම්බන්ධ සියලුම ප්‍රචාරණ කටයුතු තහනම් වන බවයි.
මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 246,521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක් ඇතුළුව සම්පූර්ණ අයදුම්කරුවන් 340,525ක් පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම විභාග මධ්‍යස්ථාන 2,362කදී උසස් පෙළ විභාගය සඳහා මුහුණදීමට නියමිතයි.
(colombotimes.lk)
