07 January 2026

logo

උසස් පෙළ උපකාරක පංති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්



2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ යම් පුද්ගලයෙක් මෙම නියෝග නොසළකා කටයුතු කරන්නේ නම් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවෙක් වන බවයි.

උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන්  එළඹෙන 12වනදා ආරම්භවීමට නියමිතව තිබෙනවා.



(colombotimes.lk)