06 February 2026

logo

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි



උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)