31 December 2025

logo

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ගිවිසුම් ඉදිරියේදී



ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරියේදී ගිවිසුමකට එළඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඉන් අනතුරුව තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' නමින් නව ආයතනයක් පිහිටුවමින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට රජය සැළසුම් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.
(colombotimes.lk)