colombotimes.lk
සිංහල | English

17 September 2024


පුටින්ගෙන් කිම් ජොන්ට ආධාර



රුසියාව විසින් උතුරු කොරියාවට මානුෂීය ආධාර ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අධික වර්ෂාපතනයෙන් හා ගංවතුරෙන් එරට ජනතාව පීඩාවට පත් වීම හේතුවෙන්.

අධික වර්ෂාපතනයක් සමඟ උතුරු කොරියාවේ නිවාස 4,000කට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ හේතුවෙන් පුද්ගලයින් 5,000ක් පමණ අවතැන් වී සිටින බවයි උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ.

(colombotimes.lk)