විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියදුරු බලපත්‍රය ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
විදේශ රටවලදී ඔවුන් භාවිත කළ රියදුරු බලපත්‍රය පාදක කර ගනිමින් එම තාවකාලික රියදුරු බලපත්‍රය නිකුත් කරන බවයි වාර්තා වන්නේ.
කටුනායක ගුවන්තොටුපළේ පිහිටුවා ඇති කවුළුව මඟින් මේ වන විටත් මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔවුන් එරට භාවිත කරන රියදුරු බලපත්‍රය පදනම් කර ගනිමින් තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
පසුගිය අගොස්තු 03වනදා සිට එම කටයුතු ආරම්භ කර තිබෙන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)
