මෙවර නත්තල ශ්‍රි ලංකා වාසීන් සමරනු ලබන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට පසු යළි ගොඩනැගෙමින් සිටින අවස්ථාවක බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
සිය නත්තල් දින පණිවිඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එම පණිවිඩයේ සඳහන් වන්නේ ප්‍රේමය, බෙදා ගැනීම, සතුට, සාමය සහ පරිත්‍යාගය නත්තලේ සැබෑ අරුත වන බවයි.
කිතුණු දහමේ මෙන්ම සියලු ආගම්වල ඉගැන්වීම් වන අසල්වැසියා විපතට පත්ව පත්වූ අවස්ථාවේ අත්නොහැර සහෝදරත්වයෙන් වැළඳගැනීමේ උතුම් මනුසත් ගුණාංගය සහ නොසැලෙන අධිෂ්ඨානය පසුගිය ව්‍යසනය හමුවේ මෙරට ජනතාව යළි යළිත් පසක් කර ඇති
බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
