25 December 2025

logo

අලි සබ්රි රුසියාවට



විදේශ අමාත්‍ය අලි සබ්රි 2024 ජුනි 11 වන දින රුසියාවේ Nizhniy Novgorod හි පැවැත්වෙන BRICS අමාත්‍ය සැසිවාරයට සහභාගී වීම සඳහා රුසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ රුසියාවේ විදේශ අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුවයි.

මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා අමාත්‍ය අලි සබ්රිට ආරාධනා කර ඇත්තේ IORA අමාත්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා ලෙසයි.

'සාධාරණ ගෝලීය සංවර්ධනය සහ ආරක්ෂාව සඳහා බහුපාර්ශ්විකත්වය ශක්තිමත් කිරීම' යන තේමාව යටතේ BRICS අමාත්‍ය සැසිවාරය පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබෙනවා.
(colombotimes.lk)