පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය සාලියවැව 15 කණුව ප්‍රදේශයේදී අත් ට්‍රැක්ටරයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අලි සබ්‍රි රහීම් මහතා තම වාහනයෙන් රියදුරු සමඟ පුත්තලම සිට අනුරාධපුර දක්වා ගමන් කරමින් සිටියදී අද (13) අලුයම 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.
එම අනතුරෙන් ට්‍රැක්ටරයේ රියදුරුවරයා තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මන්ත්‍රීවරයාට අනතුරින් කිසිදු හානියක් සිදුව නැහැ.