20 August 2025

logo

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන ඇමරිකාව කනස්සල්ලෙන්



ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ 2024 වර්ෂයේ ලොව පුරා රටවල මානව හිමිකම් භාවිතයන් පිළිබඳව වාර්තාව නිකුත් කරමින්.

එම වාර්තාව සඳහන් වන්නේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරින් හඳුනාගෙන ඔවුන් වගවීමට ලක්කිරීම ශ්‍රී ලංකා රජය ගෙන ඇත්තේ අවම උත්සාහයක් බවයි.

පුද්ගලයන් වෙඩි තබා ඝාතනය කිරීම, රක්ෂිත බන්ධනාගාර ගත කළ ඝාතනය, මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර, ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම ආදිය සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වාර්තාව මඟින් කනස්සල්ල පළ කර තිබෙනවා.

(colombotimes.lk)