කෝඩුකාර ඇමරිකාව හමුවේ බංගලියන්ට ලැජ්ජා සහගත පරාජයක්



බංගලාදේශය සහ ඇමරිකාව අතර ඊයේ (21) පැවති පළමු T20 තරගයෙන් කඩුලු 05ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඇමරිකාව සමත් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 153ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකාව පන්දුවාර 19.3කදී කඩුලු 05ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ඒ අනුව තරග 03කින් සමන්විත ඇමරිකා  බංගලාදේශ T20 තරගාවලිය 1-0 ලෙස ඇමරිකාව පෙරමුණ ගෙන සිටිනවා.

දෙරට අතර මීළඟ තරගය හෙට (23) පැවැත්වෙනු ඇති. 
(colombotimes.lk)