ඇමෙරිකාවේ ඇල්ස්කා ප්‍රාන්තය ආසන්නයේ සිදු වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ, රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූකම්පනය හටගෙන ඇති බවයි.
භූකම්පනය ඇලස්කා ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයට කිලෝමීටර් 106ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ හටගෙන ඇති බව සඳහන්.
(Colombotimes.lk)
