colombotimes.lk
සිංහල | English

06 May 2024

ඇමරිකාව TikTok තහනමකට සැරසෙයි



ඇමරිකාව තුළ TikTok තහනම් වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, මාස 9ක් තුළ TikTok අයත් සමාගම එහි ඇමරිකාවේ කොටස් සියල්ල වෙනත් සමාගමකට අලෙවි නොකළහොත් රට තුළ TikTok තහනම් කිරීමට හැකි පනතක් එරට කොංග්‍රසය හමුවේ සම්මත වීමත් සමඟින්.

කොංග්‍රසය සභා දෙකෙහිම අනුමැතිය ලැබූ පනත ළඟදීම ඇමරිකානු ජනාධිපතිවරයා වෙතට භාර දීමට නියමිත අතර එය නීතියක් බවට පත් වන්නේ ඔහු අත්සන් තැබීමෙන් පසුවයි.

මේ අනුව රට තුළ TikTok තහනමක් පැනවුවහොත් එය භාවිත කරන මිලියන 150කට වැඩි පරිශීලකයින් අපහසුතාවට පත්වනු ඇති බවට සඳහන්.

(colombotimes.lk)