30 March 2025


ඇමරිකානු තානාපතිනිය සිරිකොතට යයි



ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන්ග් අද (27) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ තිබෙනවා.

එහිදී තානාපතිනිය එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ පක්ෂ මහ ලේකම් තලතා අතුකෝරළ සමඟ සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ වත්මන් දේශපාලන තත්ත්වය සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි.

(colombotimes.lk)