31 December 2025

logo

දිස්ත්‍රික්ක 11ක ගොඩගැසුණු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළට



ලෝක පරිසර දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය මඟින් පසුගිය 3 හා 4 යන දිනවල අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් දියත් කරනු ලැබුවා.

එය පළාත් 4ක, දිස්ත්‍රික්ක 11ක මධ්‍යස්ථාන 97කදී ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 11ක් පුරා ක්‍රියාත්මක වූ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන මඟින් අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 7,700කට අධික ප්‍රමාණයක් රැස්කර ගැනීමට හැකි වූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

එහි වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චතුර මල්වැන්න මහතා සඳහන් කළේ අදාළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනට යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.
(colombotimes.lk)