16 September 2025

logo

පොලීසියෙන් ලබාගන්නා සේවාවන්වලදී මහජනතාව ගෙවිය යුතු මුදල මෙන්න



පොලීසියෙන් ලබාගන්නා සේවාවන්වලදී මහජනතාව ගෙවිය යුතු මුදල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව නිෂ්කාශන වාර්තා ලබා ගැනීම (විදේශ ගතවීමකදී සපයන online සේවාව) සඳහා රුපියල් 5000.00ක මුදලක් ගෙවිය යුතු බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ශබ්ද විකාශන බලපත්‍ර ගාස්තු සඳහා පහත සඳහන් මුදල ගෙවිය යුතු වනවා.

* පැය 06ක් සඳහා - රුපියල් 500.00
* පැය 6 - 12 අතර - රුපියල් 1000.00
* පැය 12ට වැඩි - රුපියල් 2000.00

ප්‍රාදේශීය පොලිස් ස්ථාන මඟින් මැදපෙරදිග රටවල් සඳහා පමණක් ලබාදෙන පොලිස් වාර්තා ලබා ගැනීමට රුපියල් 500.00ක මුදලක් ගෙවිය යුතු බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ස්ථානාධිපතිවරුන් මඟින් දේශීය අවශ්‍යතා සඳහා පමණක් ලබාදෙන පොලිස් වාර්තා රුපියල් 300.00ක මුදලක් ගෙවා ලබාගැනීමට හැකියාව පවතිනවා.

පැමිණිලි පිටපත් (පිටුවකට) රුපියල් 50.00ක මුදලක් ගෙවිය යුතු බවයි සඳහන් වන්නේ.   


(colombotimes.lk)