කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය බෝග විවිධාංගීකරණය සඳහා අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා.
ඒ අනුව වී නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කරන බවත් ඒ් සඳහා රුපියල් මිලියන 2,500 ක් වෙන් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
එමෙන්ම මහා පරිමාණයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අක්කර ලක්ෂ තුනක් වෙන් කිරීමට ද නියමිතයි.
මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන දෙසීයක් වෙන් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
කිරි ගොවි නිෂ්පාදනය ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බවත් ඒ සඳහා ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව දෛනික කිරි නිෂ්පාදනය දිනකට ලීටර් මිලියන විස්සක් බවට පත් කිරීම රජයේ අරමුණ බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
(colombotimes.lk)