28 January 2026

logo

කටුනායක ගුවන්තොටුපළේ අද සිට විවෘත වන දෙයක් ගැන දැනුම්දීමක්



කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු අද (28) සිට නිල වශයෙන් විවෘත කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි ප්‍රධාන ආගමන විගමන නිලධාරි ජූඩ් ප්‍රනාන්දු සඳහන් කළේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු 04ක් මෙලෙස විවෘත කරන බවයි.
 
ජපාන රජයේ අධාර මත මෙම 'E gate' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
මෙමඟින් ගුවන්තොටුපළේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ හැකියාව පවතින බවඳ ප්‍රධාන ආගමන විගමන නිලධාරි ජූඩ් ප්‍රනාන්දු සඳහන් කළා. 

(colombotimes.lk)