හැටන් නගරයේ බලහත්කාරයෙන් විවෘත කළ බවට පැවසෙන වෙළඳසැලකට අද (28) කිසියම් පිරිසක් ඇතුළු වී ප්‍රහාරයක් එල්ල කර එම වෙළඳසැලේ මාළු සහ කුකුළු මස් ප්‍රදර්ශනය කර තිබූ ශීතකරණවලට හානි සිදුකර තිබෙනවා.
සිල්ලර කඩයක් පවත්වාගෙන යාමට අවසර ඉල්ලා එම වෙළෙඳසැලේ හිමිකරු විසින් හැටන් දික්ඔය නගර සභාව වෙත ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීමට පෙර මාළු, කුකුළු මස් සහ තවත් ආහාර ද්‍රව්‍ය රැසක් අලෙවි කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම වෙළඳසැලේ හිමිකරු ව්‍යාපාර කටයුතු සිදු කිරීමට එරෙහිව ප්‍රදේශයේ අනෙකුත් මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගෙන් මතු වූ විරෝධයක් හේතුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා ඊට මැදිහත්වී තිබෙනවා.
එහිදී එම වෙළෙඳසැලේ හිමිකරු නගර සභාව වෙත කැදවා දැනුම්දී ඇත්තේ අනුමැතිය පිළිබඳ සලකාබැලීම සඳහා මාසික සභාව රැස්ව තීරණයක් ගන්නා තෙක් පෙබරවාරි මස 12වනදා දක්වා එය වසා දමන ලෙසයි. 


(colombotimes.lk)
