10 January 2026

logo

වතු නිවාසයක් ගිනි ගනියි



දිඹුල පතන පොලිස් වසමට අයත් කොටගල ආගිල් පුද්ගලික වතුයයේ වතු නිවාස පේළියක අද (09) ගින්නක් හටගෙන තිබෙනවා.

දිඹුල පතන පොලීසිය සඳහන් කළේ එලෙස හටගත් ගින්නෙන් එක් නිවසක් විනාශ වී ඇති බවත්, ගින්න නිවීමට යාමේදී අර්ධ වශයෙන් ඊට යාබදව තිබූ තවත් නිවාස 2කට අර්ධ වශයෙන් අලාභ හානි සිදු වී තිබෙන බවයි. 

එලෙස පැතිර යමින් තිබූ ගින්න වතු කම්කරුවන් එක්ව පාලනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එක් නිවසක තිබූ ගෘහ භාණ්ඩ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙන බවයි.
 
එලෙස ඇති වූ ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැක කෙරෙන අතර, ගින්නෙන් කිසිම පුද්ගලයෙක්ට තුවාල සිදු වී නොමැති බවත්, ගින්නෙන් සිදු වූ අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලීසිය සඳහන් කළා. 





(colombotimes.lk)