22 January 2026

logo

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­වල ගැටලු විස­ඳන්න විද්වත් යාන්ත්‍රණයක්



අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ සිදු කිරී­මේදී මතු වී තිබෙන ගැටලු විස­ඳී­මට විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­ව­රුන්, විශේ­ෂ­ඥ­යන් ඇතුළු සියලු පාර්ශව­යන් ඒකා­බද්ධ කර­ගත් නිසි නෛතික රාමු­වක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරී­මට රජය කට­යුතු කර­මින් සිටින බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක ප්‍රකාශ කළා.

ඒ ඊයේ (21) ජනා­ධි­ප­ති­ව­රයා සහ විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­ව­රුන්ගේ සමිති සම්මේ­ල­නය අතර පැවැත්වූ සාකච්ඡාවකදීයි.  

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලදී මතු වී ඇති ගැටලු විස­ඳී­මට ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රමුඛ රජය ගත් තීර­ණය තම සංග­මය අගය කරන බවත්, ඒ සඳහා තම දාය­ක­ත්වය ලබා­දී­මට සූදා­නම් බවත් විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­වරු සඳහන් කර තිබෙනවා.
 
විශ්වවි­ද්‍යාල පනත සංශෝ­ධ­නය කිරීම පිළි­බ­ඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)