colombotimes.lk
සිංහල | English

17 September 2024


Kerala Story: ඉන්දියානු ISIL බඳවා ගැනීම් පිළිබඳ හෙළිදරව්වක්



ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හින්දු සහ ක්‍රිස්තියානි කාන්තාවන් දහස් ගණනක් ISIL (ISIS) සංවිධානයට සම්බන්ධ වූ බවට වූ කතාවක් ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කෙරුණා.

මෙම ඉන්දීය චිත්‍රපටය හරහා කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් සාක්ෂි සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 10ක ($122,280) මුදල් ත්‍යාගයක් ඉන්දීය කේරළ ප්‍රාන්තයේ මුස්ලිම් කණ්ඩායමක් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව Muslim Youth League සංවිධානයට අයත් පිරිසක් විසින් මෙම මුදල් ත්‍යාගය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.

මීට අමතරව ඔවුන් කේරළයේ දිස්ත්‍රික්ක 14 පුරාම 'සාක්ෂි එකතු කිරීමේ කවුන්ටර' ලෙස නම් කරන ලද ශාඛා පිහිටවා තිබෙනවා.

ඔවුන් මෙසේ සිදුකර ඇත්තේ මෙම චිත්‍රපටය මලයාලම්, දෙමළ සහ තෙළිඟු භාෂා වලින් නිකුත් කිරීමට දිනකට පෙර වීම විශේෂත්වයක්.
(colombotimes.lk)