හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ 2025 අගෝස්තු 05වනදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන්.
පසුගිය අගෝස්තු 08වනදා ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකරන බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළා.
ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම විමර්ශනය සිදු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)