හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ සන්තකයේ තිබූ වාහනයකට අදාළ නඩුවේ එහි මුල් අයිතිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගාගෙන් ලබාගත් ආදර්ශ අත්සන් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අධිකරණ නියෝග ප්‍රකාරව ගෙන්වා ගත් MT- 6 සහ 2 පෝරම දෙක සහ නෝ ඔබ්ජෙක්ෂන් ලිපිය ප්‍රශ්නාවලිය සමඟ රජයේ රස පරීක්ෂකවරයාට යවා වාර්තා කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) අවසර ලබාදී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ජේ ශ්‍රී රංගාගෙන් ප්‍රකාශ ලබාගත් බවත් ඇතැම් පෝරමවල අත්සන් ඔහුගේ නොවන බවට ප්‍රකාශ ලබා දුන් බවත් පොලීසිය පවසනවා.
ඒ හේතුවෙන් ඔහුගේ ආදර්ශ අත්සන් සහ ප්‍රශ්නාවලිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)