යාපනය දිසා අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව කෝපායි පොලීසිය තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත්කර තිබෙනවා.
අධිකරණය නියෝග කර තිබෙන්නේ එම පොලිස් ස්ථානය සිවිල් වැසියන් 08දෙනෙක්ට අයත් නිවාස 08ක පවත්වාගෙන ගොස් ඇති අතර එම නිවාසවලින් නිවාස 07ක් යළි අදාළ පුද්ගලයින්ට ලබාදෙන ලෙසයි.
ඒ අනුව පිසිකල්වරයා විසින් අද (15) එම නිවාස අදාළ හිමිකරුවන්ට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පොලීසිය සඳහන් කළේ අදාළ ප්‍රදේශයේ පැමිණිලි තාවකාලිකව යාපනය පොලීසිය බර ගනු ලබන අතර ආරක්ෂක හේතූන් මත කෝපායි පොලීසියේ අවි ගබඩාවද යාපනය පොලීසියට රැගෙන් ගොස් ඇති බවයි.
(colombotimes.lk)