බස්නාහිර පළාතේ බස් රථවල ගමන් ගන්නා මගීන්ට ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීම හා එය සන්තකයේ තබා ගැනීම අද (15) සිට අනිවාර්ය කර තිබෙනවා.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ ප්‍රවේශ පත්‍රයක් ලබා නොදෙන කොන්දොස්තරවරුන්ට හා ප්‍රවේශ පත්‍ර නොමැති මගීන්ටද දඩ පැනවීමට කටයුතු කරන බවයි.
ඒ අනුව එම මගීන්ට රුපියල් 100ක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමට සිදුවනවා.
(colombotimes.lk)